Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀

A+ A-

” යුහාන්….”

” යුහාන් මේ දොර අරින්න..”

” යුහාන්..”

යෙතීශ් ඉන්නෙ ස්ටෙෆාන්ගෙ ගෙදර..එයා මෙහෙට ආවෙ කොහොමද කියන්න එයාටවත් තේරෙන් නෑ..අරෝශ් ඒ දේ කිව්ව වෙලේම යෙතීශ් දුවන් ගිහින් කාර් එකට නැගලා මෙහෙට ආවෙ එයාගෙ ලේ ඇගේ දුවන ඒ පොඩි දගයව බලන්න..

” යෙතීශ් අයියේ ඔ__”

දොර ඇරන් එළියට ආව යුහාන්ව යෙතීශ් ඉක්මනට බදා ගත්තා..

” යුහාන්…යුහාන් මට සමාවෙන්න..ම්__මං දැනන් හිටියෙ නෑ ඒ මගේ දරුවා කියලා..යුහාන් රත්තරං මට සමාවෙන්න..”

” දාලා යන් නෑ ආයේ ඔයාලා දෙන්න මගේ මගේ විතරමයි..යෙහාන් මගේ..”

” අයියේ..”

යෙතීශ්ගෙ තුරුලෙ ඉන්න යුහාන්ගෙ ඇස්වලින් කදුලු පල්ලම් බහින්න පටන් අරන්..

” මගෙ කොල්ලා බලන්න ඕනි යුහාන්..එයාට කියන්න යුහාන් එයා මගෙ කියලා..”

යෙතීශ් යුහාන්ගෙ උරහිස්වලින් හොල්ල හොල්ල යෙහාන්ව බලන්න ඕනි කියනවා..යුහාන් කදුලුවලට ඔහේ ගලාන යන්න ඉඩ දීලා යෙතීශ් දිහා ගොඩක් අසරණව බලන් ඉන්නේ..

” යෙතීශ්…!!! “

ඒ ස්ටෙෆාන්..බෝතලේකුත් අතේ තියන්..යුහාන්ව බදාන ඉන්න යෙතීශ් ගෙ නම කියද්දි යුහාන් යෙතීශ්ගෙන් ඉක්මනට ඈත් උනා..

” ස්ටෙෆාන් මට මගෙ කොල්ලො දෙන්නව දීපන්..”

චටාස්…

කටෙන් ලේ එන්නම ස්ටෙෆාන්ගෙන්  වැදුන සැර කම්මුල් පාරට වෙරි වෙලා හිටිය යෙතීශ් නොවැටී බේරුනා..

” තොට දැන්ද පරයා තොගෙ දේවල් මතක් උනේ අහ්..”

” තොගෙ දේවල් මෙහෙ නෑ පලයන් යන්න මෙතනින්..”

” ස්ටෙෆාන් මගෙ කොල්ලො දෙන්න දීපන් මට..”

” පරයා තොට ලැජ්ජාවක් නෑ..”

” අයියේ..! “

ස්ටෙෆාන් දෙවනි පාරටත් යෙතීශ්ට ගහන්න යද්දි යුහාන් එයාව නතර කරා..

” ඇතුලට යන් අපි..”

” යුහාන් එපා යන්න එපා ඔයා මගේ යුහාන්..මාව දාලා යන්න එපා මගෙ මගෙ දරුවා දීපන් යුහාන්..යු__”

චටාස්..

දෙවනි කම්මුල් පාර යුහාන්ගෙන්..ස්ටෙෆාන් ගැහුව තරම් සැර නොව්නත් යෙතීශ්ගෙ හිතට ඒක ගොඩක් සැරින් වැදුනා..යුහාන්ගෙ කම්මුල් පාරෙ තිබ්බෙ තරහක් නෙවෙයි ලොකු වේදනාවක්..

” යෙතීශ් අයියේ යන්න ඔයා දැන්..”

” බෑ යුහාන්..ඔයාලා මගේ මට ඔයාලව ඕනි යුහාන්..අනේ මගෙ දරුවා..”

යෙතීශ් යුහාන්ගෙ අතේ එල්ලිලා අසරණව යුහාන් ලග දණ ගැහුවා..

” යුහාන් ඇතුලට පලයන්..”

” ඒත් අයි___”

ස්ටෙෆාන් යුහාන්ව ගේ ඇතුලට අරන් දොර වහලා දැම්මේ යෙතීශ්ව එළියෙ තනි කරලා..

සලාං..

ස්ටෙෆාන් එයා අතේ තිබ්බ බෝතලේ පොලේ ගැහුවේ වීදුරු කටු හැම තැනම විසිරිලා යන්න..

යුහාන් දිහාට එක බැල්මක්වත් නොදී ස්ටෙෆාන් මුකුත් නොකියා යන්න ගියේ යෙහාන්ගෙ කාමරේ පැත්තට..යේහාන්ගෙ ඇද අයිනෙන් ඉද ගත්ත ස්ටෙෆාන් යෙහාන්ගෙ කොණ්ඩෙ අස්සෙන් එයාගෙ ඇගිලි අරන් ගියේ ගොඩක් ආදරෙන්..ස්ටෙෆාන්ට දැන් දැනෙන්නේ මේ පුංචි දගමල්ල තව දුරටත් එයාට අයිති නෑ කියලා..

” අයියේ..”

කාමරේට ආව යුහාන් ස්ටෙෆාන් ලගින්ම ඉදගෙන එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා..

” මට සමාවෙන්න අයියා..විනාස වෙලා හිටිය මාව ජීවත් කරේ ඔයා..මාවයි පුතාවයි කිසිම වෙනස්කමක් නැතුව මෙච්චර කල් පරිස්සමින් බලා ගත්තා..මං ණයයි ඔයාට ජීවිත කාලෙම ණයයි..ඒක කොහොම පියවන්නද කියලා තේරෙන් නෑ අයියා..”

” මං ගොඩාක් උත්සාහ කරා ඔයාට ආදරේ කරන්න..මට බැරි උනා ඒක කරන්න..ඒත් මගෙ මහත්තයා විදිහට මං අයියට එදා ඉදන්ම ගරු කරනවා ගොඩක්..අනේ මට සමාවෙන්න අයියේ මට සමාවෙන්න..”

ස්ටෙෆාන් නිරුත්තරයි..යුහාන්ට උත්තර දෙන්න ඕනි කොහොමද කියලා එයාට හිතා ගන්න බෑ..මේ වෙලාවෙ මොනාද කරන්න ඕනි මොනාද නොකරන්න ඕනි කියලා එයා කල්පනා කරනවා..

එය පැත්තකින් යෙතීශ් තාමත් එළියට වෙලා අඩ අඩ ඉද්දී යුහාන් මෙහෙ ඔඩොක්කුවෙ නිදාන හොදටෝම අඩනවා..මේ හැම දේම මොනා උනත් යෙහාන්ට ගොඩක් බලපානවා..

ස්ටෙෆාන්ගෙ ඇගිලි යුහාන්ගෙ කොණ්ඩෙ අතරිනුත් යද්දී අඩලා අඩලා හෙම්බත් වෙලා හිටිය යුහාන්ට ස්ටෙෆාන්ගෙ ඔඩොක්කුවේම නින්ද ගියා..

⏳⏳⏳⏳⏳

පැය ගානක් ගෙවිල යද්දි එළිත් වෙලා..යුහාන් තාම ඔඩොක්කුවෙ නිදාන හිටියත් ස්ටෙෆාන් නින්දක් තිබුනෙ නෑ..එයා කල්පනා කරා ගොඩාක් කල්පනා කරා දැන් මොනාද කරන්න ඕනි කියලා..

යුහාන්ට ඇහැරෙන්න නොදී ස්ටෙෆාන් එයාව කොට්ටෙන් නිදි කරවලා එන්න ආවා..දොර ඇරන් එළියට යද්දි යෙතීශ් තාමත් එයාලා ගෙදර දොරකඩ..එයාටත් නින්ද ගිහින් බිමම..ලාවට වැස්සකුත් වැටෙන නිසා සීතලට යෙතීශ් බිම ගුලි වෙලා..

” යෙතීශ්..”

ස්ටෙෆාන් බිමට පාත් වෙලා යෙතීශ්ට කතා කරද්දි එයා ඇස් ඇරියා..

” ස්__ටෙෆාන් ම්__ මගෙ කොල්ලා..”

” උබ මහ තිරිසනෙක් බං..”

ස්ටෙෆාන් යෙතීශ් ලගින්ම වාඩි උනා..

” කොල්ලො දෙන්න මගෙ උබට දෙන්නෙ නෑ..ආයෙත් උබ උන් දෙන්නගෙම ජීවිත විනාස කරයි..”

” ස්ටෙෆාන්..ස්ටෙෆාන් මට එහෙම කරන්න එපා..ඔව් මං තිරිසනෙක්..තිරිසනා උනත් තමන්ගේ ලේවලට පට්ට ආදරෙයි බං..මට යෙහාන්ව දීපන් ස්ටෙෆාන්..මට දීපන්..එදා ඉදන්ම මං යුහාන් ආදරේ කරා බං..එත් මට තේරුන් නෑ මේ තිරිසනාට තේරුන් නෑ ස්ටෙෆාන් ඒක ආදරේ කියලා..එයාව මට නැත්තටම නැති වෙනකන් තේරුන් නෑ..මං මැරි මැරී ජීවත් උනේ මෙච්චර කල්..”

” මාත් ආදරෙයි යකෝ..මාත් යුහාන් ට පන ඇරලා ආදරෙයි..මට පුලුවන් උපරිමෙන් මං එයාට ආදරේ කරා..ඊටත් වඩා මං පොඩි එකාට ආදරෙයි..ඒකා උබේ උනාට මං මගේම දරුවෙක්ට වගේ ආදරේ..මොකද කරන්නෙ බං..මටත් උන් දෙන්නව ඕනී..”

” ඒත් යෙතීශ් උබ දන්නවද..යුහාන්ව මැරි කරලා අවුරුදු ගානක් ගියත් ඌ කවදාවත් මගේ උනේ නෑ බං..මං ගැන අබමල් රේණුවක තරම්වත් ආදරයක් ඒ හිතේ තිබ්බෙ නෑ..එයා හැමදාමත් උබෙ විතරයි මගේ උනේ නෑ..”

විනාඩි කීපයක් ගෙවිලා යනකන්..දෙන්න අතර හුවමාරු උනේ හුස්ම ගන්න සද්දෙ විතරයි..දෙන්නම නිහඩයි..යෙතීශ්ටත් එයාගෙ ආදරේ ඕනි..ස්ටෙෆාන්ටත් ඕනී..ඒත් මොනා කරන්නද දෙන්නගෙන් එක්කෙනෙක්ට වේදනාව දරාගෙන හැරිලා යන්නම වෙනවා..

” යෙතීශ්..පලයන්..”

” ස්ටෙෆාන් මගෙ කො__”

” ඇතුලට පලයන්..යෙහාන්ගෙ කාමරේ නිදි දෙන්නම..”

ස්ටෙෆාන් දිහා තප්පර කීපයක් බලන් හිටිය යෙතීශ් නැගිටලා ගේ ඇතුලට දුවන් ගියා..

යෙහාන්ගෙ කාමරේට ගිය යෙතීශ්..කදුලු පුරවගෙන එයාගෙ ආදරේ ලගින් ඇදේ ඉද ගත්තා..

” යුහාන්…”

” මැණික මට සමාවදෙනවද..”

යෙතීශ්ගෙ ඇගිල්ලක් යුහාන්ගෙ සිනුදු කම්මුල්වල එහෙ මෙහෙ යද්දි යුහාන්ගෙ ඇස් හෙමීට ඇරුනා..

” යෙ____”

යෙතීශ් යුහාන්ව එයාගෙ පපුවට තද කර ගත්තා.

” සමාවෙන්න මට සමාවෙන්න රත්තරං..ඔයාගෙ ආදරේ තේරුන් නොගත්තට ඔයාගෙ ජීවිතේ විනාස කරලා දැම්මට මගෙ කොල්ලට තාත්තෙක් වෙන්න බැරි උනාට හැම දේටම මට සමාවෙන්න..”

” ආයේ ඒම වෙන්න දෙන් නෑ..ඔය දෙන්නව බලා ගන්නවා මගෙ පන වගේ..මං ආදරෙයි යුහාන්..මං ඔයාට ගොඩාක් ආදරෙයි..”

යුහාන්ට ඒ කාලෙ ඉදන්ම අහන්න ඕනි උන ඒ වචන යෙතීශ්ගෙ කටින් පිට වෙද්දී යුහාන් එයාව තදින් බදා ගත්තා..

” අයියේ ම්_මං ආදරෙයි ඔයාට එදා ඉදන්ම..”

” පපා…”

යෙහාන්ට ඇහැරුනා..නිදි මතේම යෙහාන් යෙතීශ්ට තුරුල් වෙද්දි..යෙතීශ්ට දැනුන හැගීම ඒ සතුට කියන්න නොතේරෙන තරම්..

” මගෙ මැණික මේ බලන්නකෝ..”

” පපා..”

” ඇහැරින්නකෝ පැටියෝ..”

” මේ ඔයාගෙ ඩැඩා..”

යෙහාන් ඇස් ඇරලා එයා තුරුල් වෙලා ඉන්න යෙතීශ් දිහා බැලුවා..

” මේ ඔයාගෙ ඩැඩා යෙහාන්..”

” ඩැඩා..”

” හ්ම්ම්ම්..”

” එතකොට තාත්තී..”

යුහාන් යෙතීශ්ගෙ මූණ දිහා බැලුවා..

” යෙහාන් මගෙ රත්තරං..ඔයාට තාත්තිත් ඉන්නවා මාත් ඉන්නවා..මාත් එක්ක ඉන්නවද යෙහාන්..”

” ඔයාලා අඩලනේ…ඩැඩා අඩන්න එපා..”

යෙහාන් එයාගෙ චූටි අතින් යෙතීශ්ගෙ ඇස්වල තිබ්බ කදුලු පිස්සේ යුහාන් කිව්ව වගේ යෙතීශ්ට ඩැඩා කියන ගමන්..යෙතීශ් යෙහාන්ව ගොඩාක් ආදරෙන් බදා ගත්තා..

” ඩැඩාට සමාව දෙනවද යෙහාන් මෙච්චර කල් ලගින් හිටියෙ නැති එකට..”

” පපා ඩැඩා එවන සෙල්ලන් බඩු දුන්නා නේ..පපා කිව්වා ඩැඩා එයි කියලා යෙහාන් ලගට..”

යෙතීශ් යුහාන්වත් බදාගෙන එයාගෙ නනලේ තොල් තද කරා..

” යෙහාන්ට නැද්ද..”

යෙතීශ් හිනාවෙලා යෙහාන්ගෙ නලලෙත් තොල් තද කරා..

” මගෙ යෙහාන්ට මේ වෙන දේවල් බර වැඩී නේද..”

” යුහාන් මට සමාව දෙනවද..”

” නෑ..”

යුහාන් යෙතීශ්ගෙ තොල් උඩ එයාගෙ තොල් තද කරා..යුහාන් ඒ තොල් අතාරින්න ගියත් යෙතීශ් ඒකට ඉඩ නොදී යුහාන්ගෙ තොල් ආයෙත් අල්ලා ගත්තා..

” යෙතීශ් අයියා..මේ කොල්ලා බලන් ඉන්නවා..”

යෙතීශ්ගෙ ඈත් උන යුහාන් කියද්දි යෙහාන් ඒ දෙන්න දිහා කටත් ඇරන් බලන් ඉන්නවා..

” පපා මට…”

යෙහාන් එයාගෙ කට පෙන්නලා කියද්දි..යුහාන් යෙතීශ්ගෙ මූණ බලලා හිනා උනා..

යෙතීශ් එයාගෙ පුංචි රෝස මගේ සිනීදු මල් පෙති වල එයාගෙ තොල් තද කරා..

යෙතීශ්ට සතුටුයි..එයාට එයාගෙ ලෝකෙම ආයෙ හම්බුනා..යුහාන්ටත් සතුටුයි එයා මෙච්චර කල් හෙව්ව එයාගෙ ආදරේ එයාට ආයෙ ලැබුනා ඒත්..

යුහාන්ට හදිස්සියේම මතක් උන දෙයක් නිසා එයා ඉක්මනින් කාමරෙන් එළියට දුවන් ගියා..

ගේ හැම තැනම යුහාන් ස්ටෙෆාන්ව හෙව්වත් එයා ගෙදර කොහෙවත් හිටියෙ නෑ..

*****

😪👍

vote 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 23 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 23